spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කාමරය වීඩියෝ කළ සේවකයා රිමාන්ඩ්

මහනුවර ජාතික රෝහලේ තරුණ වෛද්‍යවරියන්ගේ අඩ නිරුවත රූගත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සෞඛ්‍ය කාර්ය සහායකවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහනුවර මුලස්ථාන පොලිසිය මගින් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි නියෝගය නිකුත් කෙරුණේ.

මහනුවර ජාතික රෝහලේ උගුර, කණ හා නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන කුඩා කුටියක ඉතා සූක්‍ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකථනයක් සඟවා මෙම රූගත කිරීම සිදුකර ඇති බවට පොලිස් විමර්ශනයෙන් පසු හෙළිවී තිබෙනවා.

මෙම සෞඛ්‍ය කාර්ය සහායකවරයා ද උගුර, කණ, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ සේවය කරන්නෙක් බව සඳහන්.

පසුගිය 12 වනදා මෙම ස්ථානයේ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියක ඉතා සූක්ෂම ලෙස රඳවා තබා ඇති මෙම ජංගම දුරකථනය දැක ඒ පිළිබඳව අනෙකුත් වෛද්‍යවරුන් ද දැනුවත් කර මහනුවර මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර එම දුරකථනය භාරදී තිබුණා.

මෙම දුරකථනයේ වීඩියෝ පරික්ෂා කළ පොලිස් නිලධාරීන්ට අනාවරණ වී ඇත්තේ එය භාවිතා කර දීර්ඝ කාලයක සිට වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරන ආකාරය රහසිගතව රූගත කර ඇති බවයි.

විමර්ශනයකින් අනතුරුව දුරකථනය හිමිකරු වූ සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
5
+1
2
+1
4
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?