ළමයින් අතර පැතිර යන තවත් රෝගයක් (වීඩියෝ)

මේ දිනවල පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ළමුන්ගෙන් බහුතරයකට ඩෙංගු වෛරසය වැළඳී ඇති බවට වාර්තා වනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ ළමුන් අතර ඩෙංගු රෝගය පැතිරීමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය පැතිරීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව  වාර්තා වනවා.

උණ රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ළමුන්ගෙන් බහුතරයකට ඩෙංගු වෛරසය වැළදී ඇති බව තහවුරු වන බවයි  කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ විශේෂඥ වෙද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ.

එසේම , කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මදුරුවන් බෝවන පරිශ්‍ර පැවති ආයතන 175කට වැඩි සංඛ්‍යාවකට මේවන විට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර, ලෝකයේ ළමා ලාදුරු රෝගීන් වැඩිම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ද පැමිණ  තිබෙනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන ලාදුරු රෝගීන්ගෙන් 10%ක් පමණ ළමුන් බවයි සඳහන් වන්නේ.

ලාදුරු යනු බැක්ටීරියා මඟින් බෝවන  රෝගයක් වන අතර එහි මූලික රෝග ලක්ෂණයක් වන්නේ සමේ පැහැයට වඩා වෙනස් ලප ඇති වීමයි.

එසේම  අත් පා හිරි වැටීම, ඇඟිලි වකුටු වී , ඇති වූ ලප මත ස්පර්ශය, වේදනාව, කැසීම වැනි සංවේදන නොමැති වීම, පාදයේ වළලුකරට ඉහළින් පණ නැති ස්වභාවය, මාංශ පේශී දුරවල වීම සිදු වනවා.

මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ පවතී නම්  වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු  වීමෙන් රෝගය වැළැක්වීමට හැකි බවයි වෛද්‍ය අංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?