ජපාන මුදල් ඇමති කථානායක හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා කථානායක මහින්ද යපා අබේවර්ධන හමු වී තිබෙනවා.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukoshi Hideaki) මහතා ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් පවතින අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණය සම්බන්ධයෙන් ජපානයේ සහය ලබාදීමට කටයුතු කරන බවයි. දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය දක්වන සහයෝගය පිළිබඳව මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කළ අතර ඉදිරියේදීද ජපානයේ සහයෝගය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා විපක්ෂනායක ඇතුළු වික්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?