ජපාන මුදල් ඇමති කථානායක හමුවෙයි

මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා කථානායක මහින්ද යපා අබේවර්ධන හමු වී තිබෙනවා.

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukoshi Hideaki) මහතා ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව මිත්‍රත්වයක් පවතින අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණය සම්බන්ධයෙන් ජපානයේ සහය ලබාදීමට කටයුතු කරන බවයි. දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය දක්වන සහයෝගය පිළිබඳව මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කළ අතර ඉදිරියේදීද ජපානයේ සහයෝගය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළා.

සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා විපක්ෂනායක ඇතුළු වික්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12