කෙසෙල්වත්තේ මනුෂ්‍ය ඝාතනයක් – ඝාතනය වූ තැනැත්තාගේත් කැරැට්ටුව එළියට (වීඩියෝ)

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඊයේ (11) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 12, මාටිස් පටුමග ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් 48 හැවිරිද මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අපරාධ කල්ලි සමාජික නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රෝෂාන් නොහොත් ‘කෙසෙල්වත්ත දනුක’ යන අයගේ ගෝලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා පසුගිය වසරේ 07 වන මස 23 වන දින කොළඹ 12, අංක 10/12 සෝන්ඩර්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි කාවින්ද දිල්ශාන් නොහොත් ‘පොඩි කවී’ යන අය ඝාතනය කිරීමට ඔත්තු සැපයු පුද්ගලයකු බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, හේතුව මත ඔහුව මෙලෙස ඝාතනය කරන්නට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි අයෙකු වන අතර, 2005 වසරේ 08 වන මස 24 වන දින කෙසෙල්වත්ත පොලිස් වසමේ ඩයස් ප්‍රදේශයේ පුර්වාරාම පන්සල ආසන්නයේ දී පුද්ගලයකුට පොලුවලින් පහර දී ඝාතනය කර එම නඩුවෙන් නිදහස් වී සිටි අයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45