රට ගොඩනඟන වැඩ පිළිවෙලට පක්ෂ භේදයකින් තොරව සහය දැක්විය යුතුයි – රාජ්‍ය ඇමති එස්. වියාලේන්ද්‍රන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති අතර එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පවසනවා.

සමාජයක යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා,

අප රට 2020 වසරේ සිට බරපතල ගැටලු දෙකකට මුහුණ දුන්නා. පළමු වැන්න කොවිඩ් වසංගතයයි. ඉන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වන විට විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණා. ඉතා කෙටි කාලයක් තුළ එවැනි අභියෝග දෙකකට අපි මුහුණ දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ නිසා අප දැන් එම ආර්ථික අවපාතයෙන් යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. නමුත් එය සම්පූර්ණ වී නැහැ. එම තත්ත්වය පරිපූර්ණ වීමට නම්, අප වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා සැලසුම් රැසක් සකස් කර තිබෙනවා. එම සැළසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතුයි.

එක දවසකින් ගහක් කපන්න පුළුවන්. ඒත් ඒ ගහ හදන්න අවුරුදු ගාණක් යනවා. ඒ වගේ ම රට දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වුණා. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වනවා.

වැරදි සහ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රට විශාල ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඒ නිසා මේ මොහොතේ අප පක්‍ෂ භේද පසෙකලා කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජීවන වියදම අඩුකළ යුතුයි. රජයක් ලෙස අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි. ප්‍රශ්න සමඟ දේශපාලනය කිරීම පහසුයි වගේම එය ඕනෑම අයෙකුට කළ හැකියි. නමුත් එම ප්‍රශ්ණවලට විසඳුම් සෙවීම දුෂ්කරම දෙයක්. මේ රජය නිරතව සිටින්නේ ගැටළුවලට විසදුම් සොයන දුෂ්කර කටයුත්තේයි.

අපේ සමාජයේ යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩනැගීමෙන් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?