රට ගොඩනඟන වැඩ පිළිවෙලට පක්ෂ භේදයකින් තොරව සහය දැක්විය යුතුයි – රාජ්‍ය ඇමති එස්. වියාලේන්ද්‍රන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති අතර එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පවසනවා.

සමාජයක යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වෙළඳ රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා,

අප රට 2020 වසරේ සිට බරපතල ගැටලු දෙකකට මුහුණ දුන්නා. පළමු වැන්න කොවිඩ් වසංගතයයි. ඉන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වන විට විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණා. ඉතා කෙටි කාලයක් තුළ එවැනි අභියෝග දෙකකට අපි මුහුණ දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ නිසා අප දැන් එම ආර්ථික අවපාතයෙන් යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. නමුත් එය සම්පූර්ණ වී නැහැ. එම තත්ත්වය පරිපූර්ණ වීමට නම්, අප වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා සැලසුම් රැසක් සකස් කර තිබෙනවා. එම සැළසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතුයි.

එක දවසකින් ගහක් කපන්න පුළුවන්. ඒත් ඒ ගහ හදන්න අවුරුදු ගාණක් යනවා. ඒ වගේ ම රට දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වුණා. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වනවා.

වැරදි සහ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රට විශාල ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඒ නිසා මේ මොහොතේ අප පක්‍ෂ භේද පසෙකලා කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජීවන වියදම අඩුකළ යුතුයි. රජයක් ලෙස අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි. ප්‍රශ්න සමඟ දේශපාලනය කිරීම පහසුයි වගේම එය ඕනෑම අයෙකුට කළ හැකියි. නමුත් එම ප්‍රශ්ණවලට විසඳුම් සෙවීම දුෂ්කරම දෙයක්. මේ රජය නිරතව සිටින්නේ ගැටළුවලට විසදුම් සොයන දුෂ්කර කටයුත්තේයි.

අපේ සමාජයේ යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩනැගීමෙන් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48