එක්සත් රාජධානියේ ඈන් කුමරි‍ය හෙට ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ ඈන් කුමරිය, හෙට (10) ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

කුමරිය සමඟ ඇයගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් මහතා ද පැමිණෙන බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

ඔවුන් ලබන 13 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය හා සම්බන්ධ උත්සව සඳහා සහභාගී වීමටයි ශ්‍රී ලංකා රජය ඈන් කුමරියට ආරාධනා කර ඇත්තේ.

1995 වසරේ දී ඈන් කුමරිය මෙරටට පැමිණ ඇති අතර ඇයගේ මෙම ශ්‍රී ලංකා සංචාරය 2024 වසරේදී බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය ද වනවා.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය ද වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?