කසකස්තානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකට කැබිනට් අනුමැතිය

කසකස්තානයේ ඇස්තානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහායි කසකස්තානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇත්තේ.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුව (CICA) කසකස්තානයේ ස්ථාපිත කිරීමත් ශ්‍රී ලංකාව එම සමුළුවේ සාමාජිකයකු වීමත් හේතුවෙන් මධ්‍යම ආසියානු කලාපය සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් නිර්මාණය වී තිබෙනවා.

කසකස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් අස්තානා හි පිහිටුවීම දෙරට අතර සංචාරක සහ සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වනු ඇති බවයි රජය පවසන්නේ.

එබැවින් යෝජිත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කසකස්තානයේ ඇස්තානා ප්‍රදේශයේ පිහිටුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42
Video thumbnail
අර්චුනා ඇදගෙන ආ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක්
01:09
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
00:54
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාව නිසා රෝහිතට තදවෙයි - සැරටම දෙයි
11:27
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටලා සැකකරු කුදලන් යයි
00:46
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර
00:43
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් - මූහුණත් වහගෙන බස් එකට නගින හැටි
01:21
Video thumbnail
හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක් - කුඩුවලට වඩා ඇබ්බැහි වෙනවා මේවට
17:09