ෂීක් හසීනාට යළිත් වසර පහකට බංග්ලාදේශයේ පාලන බලය

අර්බුදකාරී තත්ත්වයක පැවති 2024 බංග්ලාදේශ මහා මැතිවරණයෙන් එරට අගමැති ෂීක් හසීනා නායකත්වය දරන අවාමි ලීගය දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ පස්වන වරටත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට ෂීක් හසීනාටහැකියාව හිමි වෙනවා.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ මෙවර බංග්ලාදේශ මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120ක් සුදුසුකම් ලබා සිටියා.

ආසන 350 කින් සමන්විත බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 152 කට වඩා සංඛ්‍යාවක් දිනාගැනීමට අවාමි ලීගය පක්ෂයට ඊයේ (07) හැකියාව හිමි වුණා.

ඒ, අනුව තවත් වසර පහක කාලයක් සඳහා බංග්ලාදේශයේ පාලනය අවාමි ලීගය දේශපාලන පක්ෂයට ලබාදීමටයි එරට ඡන්ද දායකයින් කටයුතු කර තිබුණේ.

ඊයේ (07) පැවති මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ආරම්භවීමට පෙර සිටම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ අතර, එරට ප්‍රධාන විපක්ෂයවන බංග්ලාදේශ ජාතික පක්ෂය, ෂීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පවසමින් මෙවර මැතිවරණය වර්ජනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02