ශ්‍රී ලාංකිකයන් බේරා ගන්න මියන්මාරයේ සහාය

ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සඳහා සහාය දැක්වීමට මියන්මාර රජය තීරණය කර තිබෙනවා.

මියන්මාර බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟත්වයට පැමිණි බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මියන්මාරයේ මයාවාඩි ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සයිබර් වහල් සේවයේ යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා තායිලන්තයේදී මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය තාන් ශ්‍රී මහතා හමුවී සාකච්ඡා කළා. ඒ අනුවයි ශ්‍රී ලාංකිකයන් නිදහස් කිරීමේ කටයුතු සම්පාදනය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මීට දින දෙකකට පෙර ද යළි ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් මුදා ගැනිම සඳහා එරට රජයේ සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?