ඉතාලි සිහින පෙන් වූ වංචනිකයා පොලිස් දැලේ

විදේශ රටක රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ, ව්‍යාජ රැකියා නියෝජිතවරයෙක් ඊයේ (04) පස්වරුවේ කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක, සීදුව, මීගමුව, නුවරඑළිය සහ ජා ඇළ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ සැකකරු විසින් ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මෙලෙස රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලිකව ලැබුණු තොරතුරු කිහිපයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

මොහු සුඛෝපභෝගී වාහන පාවිච්චි කරමින් කහතුඩුව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මෙවැනිම ආකාරයෙන් විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ චෝදනාව මත වසර හතරහමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබූ වෙනත් පුද්ගලයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර 06ක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් කටුනායක පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (05) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?