ඉතාලි සිහින පෙන් වූ වංචනිකයා පොලිස් දැලේ

විදේශ රටක රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ, ව්‍යාජ රැකියා නියෝජිතවරයෙක් ඊයේ (04) පස්වරුවේ කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක, සීදුව, මීගමුව, නුවරඑළිය සහ ජා ඇළ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ සැකකරු විසින් ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මෙලෙස රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත පෞද්ගලිකව ලැබුණු තොරතුරු කිහිපයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

මොහු සුඛෝපභෝගී වාහන පාවිච්චි කරමින් කහතුඩුව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා මෙවැනිම ආකාරයෙන් විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ චෝදනාව මත වසර හතරහමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබූ වෙනත් පුද්ගලයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර 06ක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් කටුනායක පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (05) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36