AFC Banner
Empty Ad
Empty Ad

ජෙරොම් ප්‍රනාන්දුගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම අද කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

එම ඇප පෙත්සම අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේයි.

එහිදී සැකකාර ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ තම සේවාදායකයා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ බවයි.

එහෙත් ඊයේ දින තීන්දුව ප්‍රකාශයට පත් කළ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේදී බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති වනත යටතේ කරුණු අනාවරණය නොවන හෙයින් සැකකරු ඇපමත මුදා හැරීමට තීරණය කල බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඒ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන හෙයින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?