ආලෙන් වෙලී කතුන් දෙදෙනෙකුගේ සල්ලිවලට විද්ද නයිජීරියානුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් කාන්තාවන් රවටා ඔවුන්ගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරුවන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන් දෙදෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන ඔවුන් සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සැකකරුවන් විසින් මෙම කාන්තාවන්ගෙන් අවස්ථා කිහිපයක දී මිලියන ගණනින් මුදල් ලබාගෙන එම මුදල් වංචා කර තිබෙනවා.

තවත් කාන්තාවකට මෝටර් රථයක් ජයග්‍රහණය කර ඇති බව පවසා එහි වටිනාකම චෙක්පතක් මඟින් ද අනෙකුත් ලියකියවිලි කුරියර් සේවාව මඟින් ද යොමුකළ බව පවසා මුදල් වංචාකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත විමර්ශන පවත්වා සැකකාර නයිජීරියානු ජාතිකයින් දෙදෙනා අලුත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් සන්තකයේ තිබී ATM කාඩ්පත් 14ක් සහ ජංගම දුරකථන 05ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
12
+1
1
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00