නෙල්ලියගම ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තවත් වන අලියෙකු මියයයි (ඡායාරූප)

ගනේවල්පොල වනසත්ව අඩවියට අයත් කැකිරාව නෙල්ලියගම ප්‍රදේශයේදී අද (28) අළුයම දුම්රියේ ගැටීමෙන් තවත් වන අලියෙකු මිය ගොස් තිබේ.

කොලඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියේ ගැටීමෙන් එම වන අලියා මිය ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු පවසයි.

කැකිරාව හා හොරිවිල දුම්රිය අස්ථාන අතර දුම්රිය මාර්ගයේදී අද(28) අළුයම 3.40ට පමණ එම වන අලියා දුම්රියේ ගැටී තිබේ. අනතුර සිදුව ඇති ස්ථානයේ දුම්රිය වේග සීමාව පැයට කිලෝ 40ක් බවට සදහන් පුවරුවක් ද දක්නට ලැබේ.

දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති වන අලියා කැකිරාව, නෙල්ලියගම, ඇඹුල්ගස්වැව, කලාවැව, රිටිගල ආදී ප්‍රදේශවල සැරිසැරූ වයස අවුරුදු 25ක් පමණ හොදින් වැඩුනු පිරිමි සතෙකි.

දුම්රියේ ගැටීමෙන් මිය ගිය එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ පැවැත්වීමට නියමිත අතර අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිලධාරීන් විසින් එම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව වනජීවී නිලධාරීහු පවසයි.

ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු එම සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?