නිවසක් තුළ අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් තරුණයා

හාලිඇල උඩුවර ප්‍රදේශයේ නිවසක් තුල (27) දින තරුණයෙකු ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඉස්සාක් මොහොමඩ් අකිල් නැමැති කැන්දගොල්ල පතන,උඩුවර ,හාලිඇල ලිපිනයේ පදිංචි අයෙකු බවද පොලිසිය පැවසීය.

මියගිය තරුණයා ගේ පියා විසින් තම පුතා නිවසේ කාමරයක් තුල සාරියකින් ගෙළ වැළලාගෙන සිටින බවට සිදුකල පැමිණිල්ලක් මත එම නිවසට ගොස් බැලීමේදි ගෙළ වැළලාගෙන මියගොස් සිටි තරුණයා ගේ සිරුර හමුවු බව පොලිසිය කීය.

මෙම තරුණයා මානසික ආබාධයකින් පෙලෙන බැවින් මාසිකව බදුල්ල රෝහලෙන් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවටද සිදුකල මුලික විමර්ශන වලදි අනාවරණය වු බවත් පොලිසිය පවසයි.

මියගිය තරුණයා ගේ දේහය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සඳහා මෘතදේහය බදුල්ල ශික්ෂන රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය බවද පොලිසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?