යාපනයේ වෙළෙඳසැල් 03ක් ගිනි ගනියි

අද(28) අළුයම් කාලයේ දී යාපනය නගරයේ ගොඩනැගිල්ලක පිහිටි වෙළෙඳසැල් තුනක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

යාපනය පොලිසිය, යාපනය මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.ගින්න හේතුවෙන් රෙදිපිළි වෙළෙඳසැලක් හා පාසල් බෑග් වෙළෙඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර යාබඳ පිහිටි තවත් වෙළෙඳසැල් දෙකකට හානි සිදුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. විදුලිබල මණ්ඩලය විසින් අදාළ ගොඩනැගිල්ලේ විදුලි සැපයුම ද තාවකාලිකව විසන්ධි කර ඇත.ගින්නපට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?