වරාය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

අද (28) දිනයේ වරාය තුළ ආරම්‍භ කිරීමට නියමිත ව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

අද දිනයේ සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබුණේ 2024, 2026 වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් මුල් කරගනිමින්.

වරාය පාලනාධිකාරිය විසින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලැබූ වාරණ නියෝගයක් හේතුවෙන් එය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.ජනවාරි මස 09 වැනි දිනෙන් පසු යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට කටයුතු කරන බවයි එහි ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?