යතුරුපැදියකින් කේරළ ගංජා ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ(27) සවස අත්අඩංගුවට ගත් බව යාපනය,චාවකච්චේරි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්රැම් එකයි ග්රැම් 800 ක් විකිනීම වෙනුවෙන් රැගෙනයමින් සිටි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු ජාවාරම්කරුවෙකු වෙත ලබාදීමට ගංජා තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිසිය පැවසීය.
යාපනය,චාවකච්චේරි පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබු අතර, සැකකරු හා ගංජා තොගය යාපනය චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
2
+1




