කවියෙන් ලංකාවම රස ගැන්වූ මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වෙයි

කලාභූෂණ ජ්‍යෙෂ්ඨ කිවිවර කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 98 වියෙහි පසු විය.නව කතා සහ කෙටි කතා රචකයකු මෙන්ම ගුවන්විදුලි නාට්‍ය රචකයකු ද වේ.

ප්‍රවීණ කිවිඳියක වූ දිවංගත චන්ද්‍රා විදාණපතිරණ මැතිනියගේ ස්වාමිපුරුෂයා වූ එතුමා පුවත්පත් කලාවේදී රන්ජන් ගාමිණී ජයවර්ධන, ප්‍රවීන කිවිඳියක වන ඉන්ද්‍රා පුෂ්පානි ජයවර්ධන ඇතුළු දූදරුවන් හය දෙනෙකුගේ පියෙකු විය. දිවංගත ගුවන්විදුලි ශිල්පී කරුණාතිලක හඳුවල කිවිඳුන්ගේ මාමණ්ඩිය වන අතර යොවුන් සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන සරිත් සහ සුරිත් ඇතුළු මුණුබුරු පිරිසගේ සීයා වේ. ⁣

දේහය දැනට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු දෙසැ 29 වෙනිදා බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?