යාපනයේ දූපතකින් කහ කිලෝ 400ක් සොයාගනී

ඊයේ (26)යාපනය මාණිප්පායි පොලිස් වසමට අයත් කාකෙයිතීව් ප්‍රදේශයේ ධීවර වාඩියක් ආසන්නයේ තිබී වියලි කහකිලෝ 400 ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායද ඒක්ව සිදුකරන ලද සෝදිසියකදී කාකෙයිතීවූ ප්‍රදේශයේ පිහිටි ධීවර වාඩියක් ආසන්නයේ නතවාත තිබූ ධීවර බොට්ටු දෙකක සඟවා තිබූ අදාල වියලි කහ තොගය සොයාගනු ලැබුවා.

උර 16 ක තිබූ අදාල වියලි කහකිලෝ 400 ක ප්‍රමාණය සොයාගෙන ඇති අතර ධීවර බොට්ටු දෙකේ අයිතිකරුවන් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැත.

මෙම වියලි කහ ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සූදානම් කර තිබියදී ආරක්ෂක අංශ දැක ජවාරම් කරුවන් පලා යන්නට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පලකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?