නත්තල් දිනය හා පෝය දිනය හේතුවෙන් මත්පැන් අලෙවිසැළ් වසා දමා ඇති දිනවල විකිනීමට ගෙනැවිත් තිබු මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ(26) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මිලිලීටර 180 ප්රමාණයේ අරක්කු බෝතල් 416 ක් හා සම්පූර්ණ අරක්කු බෝතල් 12 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු මත්පැන් අලෙවිසැළ් වසා දමා ඇති දිනවල නීතිවිරෝධි අයුරින් විකිනීමට අදාළ මත්පැන් බෝතල් තොගය රැගෙනවිත් ඇති බව පොලිසිය අනාවරණය කොටගෙන ඇත.
සැකකරු යාපනය,රාසාවින් තෝට්ට වීදීය ප්රදේශයේ ස්ථානයක තබා මත්පැන් බෝතල් අලෙවි කිරීම සිදුකොට තිබු අතර, ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
සැකකරු හා අත්අඩංගුවට ගත් අරක්කු බෝතල් තොගය යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.










