වසර 20කට ආසන්න කාලයක් මැදවච්චිය හීන්න කන්ද රක්ෂිතය අලංකාර කළ සද්ධන්ත කුලයේ වල් අලියෙකු විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. මියගොස් ඇති වල් අලියා උස අඩි 09 ට ආසන්න බවත් වයස අවුරුදු 20 ක පමණ වන බවත් වනජීවි නිලධාරීහු පවසනවා.
25 වැනිදා මධ්‍යම රාත්‍රීය අවසන් වෙනවාත් සමගම මෙම වල් අලියා හීන්නකන්ද, හැලඹගස්වැව පිහිටි එස්. ජයන්ත සමරසිංහ නැමිති ගොවි මහතාගේ වගා භූමියට පැමිණ තිබෙනවා.අනතුරුව ඒ මහතගේ වගා භූමිය ආරක්ෂා කර ගැනීමට ගොවි මහතා විසින් සවිකර තිබූ විදුලි වැටේ මෙම අලියා ගැටී එක් කම්බියක් සපාගෙනම පැටලී බිම වැටී තිබේ.
එහිදී විදුලි සැර වැදීම හේතුවෙන් මෙම වල් අලියා මියගොස් ඇත.
මේ පිළිබඳ වැඩි දුර පරික්ෂණ අනුරාධපුර වන ජීවි කාර්යාල නිලධාරින් හා මැදවච්ය පොලිසිය එක්ව සිදු කරයි.















