ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Al-Maghazi සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගිය බව ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා
එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවත් මේ අතර ගාසා තීරයට මායිම්ව ඇති ඊජිප්තුව ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමයක් සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඊශ්‍රායල සහ අරාබි මාධ්‍ය පවසනවා
තුවාල ලැබූ බොහෝ පිරිසක් මාගාසි සිට අසල පිහිටි අල්-අක්සා රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඉරිදා අගභාගයේදී එල්ලවූ ප්‍රහාරයෙන් නිවාස තුනකට හානි සිදුව ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1




