ඉන්දුනීසියාවේ නිකල් කම්හලක දරුණු පිපිරීමක්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ නිකල් කම්හලක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් කම්කරුවන් 13 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මිය ගිය පිරිස අතර අටදෙනෙකු ඉන්දුනීසියානුවන් වන අතර, පස්දෙනෙකු චීන ජාතිකයන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

චීන අරමුදල් වලින් ගොඩනඟා ඇති මෙම කම්හලේ උදුනක අළුත්වැඩියා කටයුත්තක් අතරතුර, දැවෙනසුළු ද්‍රව්‍යක් දැල්වී අසල ඔක්සිජන් ටැංකි පුපුරා යාමට මෙම අනතුටර මූලික හේතුව වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පිපිරීමෙන් ඇති වූ ගින්න පැය කිහිපයකට පසුව නිවා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

තුවාල ලැබූවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් විදේශීය ශ්‍රමිකයන් වන අතර, අවම වශයෙන් ඔවුන්ගෙන් 17 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර අනතුරෙන් විපතට පත්වූවන වෙනුවෙන් ප්‍රතිකාර වියදම් ආවරණය කරන බව කම්හල හිමි අදාළ සමාගම දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?