රජයේ මහල් නිවාසවල හිමිකාරීත්වය ජනතාවට පැවරීම ගැන තීරණ කඩිනම් කරන්න උපදෙස්

රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් පැහැදිළි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සින්නක්කර ඔප්පු මගින් ජනතාවට රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය පැවරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 2024 වසර තුළදී නිවාස 8351කට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ඉඩම් හිමිකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු, ඉදිරිපත් කර ඇති නිෂ්කාශන සහ සහතිකවලට අදාළ ගැටළු, ඇපකර ගැටළු මෙන්ම ඇතැම් නිර්දේශ ලබා ගැනීම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26