රජයේ මහල් නිවාසවල හිමිකාරීත්වය ජනතාවට පැවරීම ගැන තීරණ කඩිනම් කරන්න උපදෙස්

රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් පැහැදිළි එකඟතාවයකට පැමිණීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සින්නක්කර ඔප්පු මගින් ජනතාවට රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය පැවරීමේදී මතුවන ගැටළු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 2024 වසර තුළදී නිවාස 8351කට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ඉඩම් හිමිකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටළු, ඉදිරිපත් කර ඇති නිෂ්කාශන සහ සහතිකවලට අදාළ ගැටළු, ඇපකර ගැටළු මෙන්ම ඇතැම් නිර්දේශ ලබා ගැනීම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12