මහින්ද රාජපක්ෂ යළිත් පොදුජන පෙරමුණේ නායකත්වයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි තේරී පත්වී තිබෙනවා.

පක්ෂයේ දෙවන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදීයි මෙම පත් කර ගැනීම සිදු කෙරුණේ.

පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථීර කරනු ලැබුවා.

ඉන් අනතුරුව එම යෝජනාවට පක්ෂ මහා සම්මේලනයේ අනුමැතිය ඒකමතිකව ලැබුණේ සභාවේ සිටි පක්ෂ සාමාජිකයන්ගේ එකඟතාව මතයි.

මේ අතර ඉදිරි මැතිවරණවලදී ද ජයග්‍රහණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයට එක්වෙමින් ඔහු කියාසිටියේ පක්ෂය ලබාගත් සියලු ජයග්‍රහණවල අයිතිය පාක්ෂිකයන් සතු බවයි.

මෙතෙක් අපරාජිතව මැතිවරණ ජයග්‍රහණය කළ ආකාරයෙන් ඉදිරි මැතිවරණ ද ජයග්‍රහණයට කටයුතු කළ යුතු බවයි බැසිල් රාජපක්ෂ සිය කථාව මගින් සඳහන් කළේ.

  1. PADIYAK NAGINNA BAHINNA BAHE DENNEK DEATHTEN ALLAGANNE NATHIWA, ADIYA IDIRIYATA THIYANA BAHE KAGE HARI KAREYI ELLENE NATHIWA. MUNGE HATHTHA BURUTHTHA MULU RATAMA ULA KEWA 2003 INDHAN, TSUNAMI HELPING HAMBANTOTA INDHA, NADU DAMMAMA MUWA NIDAHAS KALA SARATH N. SILVA MULIN MA ELLANA ONA, EHETA MEHETA WANENA PARAYEK. HORAKAM KALA HAKI SIYALLA HORKAM KARALA IWARAYI. EITH DALA YANNA HITHAK NAHE. HANGAPAU RTAKATA GIHIN AWASANA KALAYE JEEWATH WEYALLA, THAWATH APITA PAWU NODEE.MEHE INNE MUNGE PAWULA WITHARAK NOWEYI. THWA PAWUL LAKSHA GANAK INNAWA. UNTA AYITHI SIYALU DEYA MUN HURAGENA HOREN PANNALA IWARAYI. DAN MEKA MUDU BIMAK KALEYI MUN. DAN MINISSU EDINEDHA HAMBAKARAGENA JEEWATH WENA MUDALATATH KELINNA GATHTHA IMF PITA DALA VAT SAHA NOWEYK BADHU GAHALA. 2024 WENNA KALIN HEMADEMA MILA AHASA USATA GIHIN. 2024 ME RATEYI JANATHAWAGE WINASHAYA, EKA SURE.