ශානි අබේසේකරට අමතර ආරක්ෂාවක් දෙන්න නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබා දී තිබෙන ආරක්ෂාවට අමතරව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ජීවිත තර්ජනයකට මුහුණ පා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස ආරක්ෂක බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය සිදු කෙරුණේ.

අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පෙත්සම්කරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන බුද්ධි තොරතුරු ඇතුළත් වාර්තාව අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙන බවයි.

ඊට අදාළව සුදුසු පියවර ගැනීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියාසිටියේ මාසයක කාලයක් ගතවන විට තම සේවා දායකයාට කුමක් සිදුවේ දැයි සිතාගත නොහැකි තත්ත්වයක් පවතින බවයි.

තම සේවා දායකයාට මේ වන විට ලබා දී තිබෙන්නේ එක් පොලිස් නිලධාරියකු හා එක් යතුරුපැදියක් පමණක් බවත් එය ඔහුගේ ආරක්ෂාවට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

දැනට පවතින තත්ත්වය අනුව ඔහුගේ ජීවිතය ඊළඟ මොහොතේ පවා අනතුරට ලක් වීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ජයසූරිය මහතා ඉල්ලා සිටියේ ප්‍රමාණවත් කඩිනම් ආරක්ෂාවක් සපයා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසටයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යළි ජනවාරි මස 18 වනදා කැඳවීමට නියෝග කළා.

එදින තෙක් දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අමතරව අතිරේක ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසට ද අධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17