විදුලි ගාස්තු නැංවීමට එරෙහිව පෙත්සමක්

මහජන විරෝධය නොතකා අනීතික ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය දීමට මහජන උපයෝගීතා කොමිසම් ගත් තීරණ බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම ඇතුළු දස දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය කාලයේ තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දුන් බවයි.

මහජන විරෝධතා නොතකා මෙම ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය හිමි වූ අතර ඒ යටතේ සියයට 18 කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කෙරුණු බව පෙත්සම්කරු චෝදනා කරනවා.

මහජන විරෝධය නොතකා විදුලි ගාස්තු නැංවීමට අනුමැතිය දීම තුළින් මහජන උපයෝගීතා කොමිසම ඇතුළු වග උත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු වැඩි කිරීමේ තීරණ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14