Fly high Get bonus Aviator Phone

විදුලි ගාස්තු නැංවීමට එරෙහිව පෙත්සමක්

මහජන විරෝධය නොතකා අනීතික ලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා අනුමැතිය දීමට මහජන උපයෝගීතා කොමිසම් ගත් තීරණ බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම ඇතුළු දස දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය කාලයේ තුන් වතාවක් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දුන් බවයි.

මහජන විරෝධතා නොතකා මෙම ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය හිමි වූ අතර ඒ යටතේ සියයට 18 කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කෙරුණු බව පෙත්සම්කරු චෝදනා කරනවා.

මහජන විරෝධය නොතකා විදුලි ගාස්තු නැංවීමට අනුමැතිය දීම තුළින් මහජන උපයෝගීතා කොමිසම ඇතුළු වග උත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගාස්තු වැඩි කිරීමේ තීරණ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?