සභාව මැදට පැනපු දෙදෙනෙක් නිසා ඉන්දීය පාර්ලිමේන්තුව නොසන්සුන්

ඉන්දීය පාර්ලිමේන්තු සභා ගර්භය තුළට ඇතුලු වූ පුද්ගලයන් දෙදෙනෙකු සටන් පාඨ කියමින් සිදු කළ විරෝධතාවක් හේතුවෙන් නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

මහජන ගැලරියේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස සභා ගර්භයට කඩාවැදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයන් දෙදෙනෙකු සභා ගර්භය තුළට ඇතුළු වී, සටන් පාඨ කියමින් සහ වර්ණ දුම් (smoke canister) ඉසීමෙන් පසු ඉන්දීය පාර්ලිමේන්තුව අවුල් සහගත වී තිබුණා.

මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක නිලධාරීන් අනවසරයෙන් ඇතුළු වූ එක් අයෙක් අල්ලා ගැනීමට උත්සාහ කරන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 22 වැනි සංවත්සරයේදී මෙම ආරක්ෂක බිඳවැටීම සිදු වී තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අමුත්තන්ගේ ගැලරියේ සිට සභාවට පැන ඇති බව සඳහන්. කෙසේවෙතත් ඔවුන්ගේ අරමුණ මෙතෙක් පැහැදිලි වී නැහැ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභා පාර්ලිමේන්තු මන්ත්‍රී සැසිවාරයේදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා. සැසිවාරය නැවත ආරම්භ වීමට පෙර සභා දෙකම කෙටි කාලයකට අත්හිටුවූ බවයි වාර්තා වන්නේ.

“අපි මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර පරීක්ෂණයට සම්බන්ධ වන ලෙස දිල්ලි පොලිසියට දන්වා ඇත,” ලෝක් සභා කථානායක ඕම් බිර්ලා පැවසීය. මූලික විමර්ශනයට අනුව සභාවේ ඉසින ලද දුමාරය හානිකර නොවන බව පෙනී ගිය බව ද කථානායකවරයා කියාසිටියා.

තවත් පිරිමියෙකු සහ කාන්තාවක් පාර්ලිමේන්තුවෙන් පිටත වර්ණ ගෑස් කැනිස්ටර් ගසා විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සිදුවීම වාර්තාවීම විශේෂත්වයක්.

2001 දී පාර්ලිමේන්තුවට එල්ල වූ ප්‍රහාරයෙන් ප්‍රහාරකයින් පස් දෙනෙකු ඇතුළු 14 දෙනෙකු මිය ගියා.

එම ප්‍රහාරයෙන් මියගිය අයට ජනාධිපති ද්‍රෞපදි මුර්මු, අගමැති නරේන්ද්‍ර මෝදි සහ අනෙකුත් නායකයින් අද උපහාර දක්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන නැවතෙයි
00:27
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන
00:29
Video thumbnail
මහින්ද රාජපක්ෂ වැටුණ වැටිල්ල නොවැටී ඉදිරියට යන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ
02:50
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන - බ්‍රේක් ගැහුවේ නැත්තම් ගන්න දෙයක් නෑ
00:43
Video thumbnail
22ක තුළ අතීතය කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වෙලා තියෙන්නේ
01:02
Video thumbnail
මුළු රටේම බලය පැලවත්තට යට කරන්න මේ ආණ්ඩුව හදන්නේ - සජිත් ආණ්ඩුවට සැරටම කිව්ව දේ
00:56
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන ගිහින් නැවතෙයි
00:45
Video thumbnail
හරිනි තමන්ගේ හෘද සාක්ෂිය පාවලා දුන්නා - රාජ්‍යයට අත තියපු කිසිම පාලකයෙක්ට යහතින් ඉන්න ලැබුණේ නෑ
05:40
Video thumbnail
මෙල්ෆෝර්ට් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - ගමනාගමනයටත් දැඩි බාධා
00:57
Video thumbnail
රෝහලේ පිපිරීමෙන් අනතුරට පත් අයගේ ඥාතීන් නලින්ද ඉදිරියේ හඬා වැටෙයි
02:41