බංග්ලාදේශ යුවළකගේ රන් ආභරණ කොල්ල කෑ දෙදෙනා අල්ලයි

දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බංග්ලාදේශ යුවළකගේ රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (10) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පවසනවා.

ගෙළ බැදි රන්මාලය සහ රන් පෙන්ඩන් තුනක් සැකකරුවන් විසින් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස කොල්ල කන ලද රන් ආභරණ හෙට්ට්වීදිය ප්‍රදේශයේ අලෙවි සැලකට උකස් කර තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

කිරුළපන – බේස්ලයින් මාර්ගයේ දී මෙම කොල්ලකෑම සිදුව ඇති අතර, සැකකරුවන් අත්අඩංගුට ගැනීමේ දී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?