පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.
උඩරට මාර්ගයේ හාලිඇල – උඩුවර අතර 177 සැතපුම් කණුව අසල දී මෙලෙස පස් කන්දක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වනවිටත් දුම්රිය සේවකයින් විසින් මාර්ගයට වැටී ඇති පස් ඉවත්කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව සඳහන්.
මෙම තත්ත්වයත් සමඟ අද උදෑසන බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය ඇරඹු දුම්රිය බාධක ඉවත් කරන තුරු එම ස්ථානයේ නවතා ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම ඊයේ (07) රාත්‍රියේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන්ගත් රාත්‍රී තැපැල් දුම්රිය ද ඇල්ල දුම්රිය ස්ථානයේ නවතා ඇති බව සඳහන්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
1
+1
+1
1




