අවුකන පිළිමයට සිවුරු පැළඳවීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැහැදිළි කිරීමක්

අනුරාධපුර ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේ සිදුවීමට අදාළව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස 26 වනදා පොහොය දිනයේ සිදු වූ මෙම සිදුවීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සහිතව පළවූ අතර එය සමාජයේ මහත් කතා බහට ලක්වූ කරුණක් බවට පත්වුණා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ප්‍රවෘත්තියට අදාළව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වෙතින් ඉතා කඩිනමින් වාර්තාවක් කැඳවූ බවයි.

ඒ අනුව අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරීක්ෂාවක් සිදු කර ඇති අතර මේ පිළිබඳ අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් පළඳවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළ බවයි.

තම අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට යෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණින් සිදු නොකළ බව ද අවුකන විහාරාධිපති හිමියන් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම කඨින පූජාව වෙනුවෙන් සිවුරක් පැළඳවීම පිළිබඳ කල් වේලා සහතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවයි උන්වහන්සේ පවසා ඇත්තේ.

මෙය අනවබෝධයෙන් සිදු වූ කටයුත්තක් බව ද විහාරාධිපති හිමියන් පිළිගෙන තිබෙනවා.

කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන්ගේ ස්ථාන පරීකෂා වාර්තාවට අනුව අවුකන පිළිමයට හෝ ඒ අවට පූරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුවී නැහැ.

මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් අනිවාර්යයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බවත් එසේ නොවුනහොත් නීති මගින් කටයුතු කරන බවටත් විහාරාධිපති හිමියන්ට දන්වා තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් ගල්නෑව පොලිසියේ පැමිණිල්ලක් ද ගොනුකර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27