AFC Banner
AFC Banner
Empty Ad

කල්මුණේ කාර්තිව් වෙරළට ආ මිනිමුතු මෝරා නැවත ආපසු යැවූ මෙහෙයුම

කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැර තිබෙනවා.

මෙම මිනිමුතු මෝරා නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ 05 වන දින කටයුතු කෙරිණි.

කල්මුණේ කාර්තිව් වෙරළට මිනිමුතු මෝරෙකු ගොඩගසා ඇති බවට ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, කාර්තිව් වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එම මිනිමුතු මෝරා ගැඹුරු මුහුදට යොමු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?