හිමි නැති වස්තුව සොයාගිය පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නිධන් වස්තු සෙවීමේ අරමුණ ඇතිව කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකුව නවගත්තේගම පොලීසිය විසින් ඉකුත් 05 වැනිදා රාත්‍රී 11.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවගත්තේගම – මුල්ලේගම ප්‍රදේශයේදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගත්ගේම – මුල්ගේම සහ ආඩිගම – ගල්කුලිය,පුනවිටිය,පදිංචිකරුවන් පිරිසක්.

මුල්ලේගම – ගල්වංගුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඇති ඉඩමේ කිසියම් පිරිසක් නිධානයක් ගොඩ දැමීමට සුදානම් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

වැටලීම සිදු කරන විට සැකකරුවන් නිධානය ගොඩ දැමීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිට තිබෙනවා. එම ස්ථානයේ තිබූ කැණීම් සදහා යොදා ගන්නා උපකරණ සහ පූජා භාණ්ඩද කීපයක්ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33