ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක්

මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන්ගේ සහ ඒඩ්ස් රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා.

එවන් පසුබිමක එක්ව “ප්‍රජාවන්ට නායකත්වය දීමට ඉඩ දෙන්න” යන තේමාව යටතේ මෙවර ලෝක ඒඩ්ස් දිනය අද සමරනු ලැබුවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන් 485ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 13ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

සැප්තැම්බර් මාසය දක්වා වාර්තා වූ සිද්ධීන් අතරින් පිරිමින් 72 දෙදෙනෙක් වයස අවුරුදු 15-24ත් අතර වයස් සීමාවන්වල පසු වන්නන්.

මේ වසර තුළ HIV හා AIDS සම්බන්ධ මරණ 43ක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව අතර HIV රෝගීන් 10ක් නිල වශයෙන් වාර්තාවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

මේ අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ලෝක ඒඩ්ස් දිනය‌ වෙනුවෙන් පා ගමනක් සංවිධානය කර තිබුණා.

ඒඩ්ස් රෝගය වළක්වා ගැනීම, ඒඩ්ස් වැළඳුණු රෝගීන් කොන් නොකිරීම, ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම, සමාජය බල ගැන්වීම යන කරුණු අරමුණු කරගනිමිනුයි මෙම පාගමන පැවැත්වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03