spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක්

මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන්ගේ සහ ඒඩ්ස් රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනවා.

එවන් පසුබිමක එක්ව “ප්‍රජාවන්ට නායකත්වය දීමට ඉඩ දෙන්න” යන තේමාව යටතේ මෙවර ලෝක ඒඩ්ස් දිනය අද සමරනු ලැබුවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, 2022 වසරේ ශ්‍රී ලංකාවේ HIV/AIDS රෝගීන් 485ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 13ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

සැප්තැම්බර් මාසය දක්වා වාර්තා වූ සිද්ධීන් අතරින් පිරිමින් 72 දෙදෙනෙක් වයස අවුරුදු 15-24ත් අතර වයස් සීමාවන්වල පසු වන්නන්.

මේ වසර තුළ HIV හා AIDS සම්බන්ධ මරණ 43ක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව අතර HIV රෝගීන් 10ක් නිල වශයෙන් වාර්තාවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

මේ අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ලෝක ඒඩ්ස් දිනය‌ වෙනුවෙන් පා ගමනක් සංවිධානය කර තිබුණා.

ඒඩ්ස් රෝගය වළක්වා ගැනීම, ඒඩ්ස් වැළඳුණු රෝගීන් කොන් නොකිරීම, ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම, සමාජය බල ගැන්වීම යන කරුණු අරමුණු කරගනිමිනුයි මෙම පාගමන පැවැත්වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?