මානව හිමිකම් කොමිසමේ කාර්යභාරය ගැන කෝපා කමිටුවේ අවදානය

මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවදානය යොමුව තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පසුගියදා(27) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.

මෙහි දී දීර්ඝ වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව කටයුතු කරන ආකාරයත්, අයවැයෙන් මෙම ආයතනය සඳහා වෙන් කෙරෙන මුදල් වියදම් වන ආකාරයත් සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් රටේ ජනතාව සතුවන බවත්, එබැවින් එම විශ්වාසය ආරක්ෂා කිරීම කොමිෂන් සභාවේ වගකීමක් බවයි.

දැනට මෙම කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීමට කෝපා කමිටුව නිර්දේශ කරනු ලැබුවා.

මීට අමතරව UNDP ආයතනය විසින් මෙම කොමිෂන් සභාවට ලබාදුන් දත්ත පද්ධතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කමිටුව විමසා සිටියා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් ප්‍රාදේශීය කාර්යාලවලින් දත්ත ඇතුළත් කිරීමේ දුර්වලතාවක් පෙන්නුම් කරන බවයි.

මේ හේතුවෙන් ප්‍රාදේශීය වශයෙන් දත්ත ඇතුළත් කිරීමට නිලධාරීන් යොදවන බවත් පැමිණි නිලධාරීන් පවසා සිටියා.

මෙහිදී කමිටුව සඳහන් කළේ අවශ්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් යෙදවීමට ඉක්මනින් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මේ වන විට මෙම කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව සහ දැනට විසඳා ඇති පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මේ අනුව දැනට විසඳා නොමැති පැමිණිලි සංඛ්‍යාව විසඳීමට ඉක්මනින් කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව 2024 ජනවාරි 24 දින නැවත කෝපා කමිටුවට කැඳවීමට මෙහි දී තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29