spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මානව හිමිකම් කොමිසමේ කාර්යභාරය ගැන කෝපා කමිටුවේ අවදානය

මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවදානය යොමුව තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පසුගියදා(27) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මේ සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බවයි වාර්තා වුණේ.

මෙහි දී දීර්ඝ වශයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව කටයුතු කරන ආකාරයත්, අයවැයෙන් මෙම ආයතනය සඳහා වෙන් කෙරෙන මුදල් වියදම් වන ආකාරයත් සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් විශාල විශ්වාසයක් රටේ ජනතාව සතුවන බවත්, එබැවින් එම විශ්වාසය ආරක්ෂා කිරීම කොමිෂන් සභාවේ වගකීමක් බවයි.

දැනට මෙම කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, පවතින පුරප්පාඩු ඉක්මනින් පිරවීමට කෝපා කමිටුව නිර්දේශ කරනු ලැබුවා.

මීට අමතරව UNDP ආයතනය විසින් මෙම කොමිෂන් සභාවට ලබාදුන් දත්ත පද්ධතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කමිටුව විමසා සිටියා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් ප්‍රාදේශීය කාර්යාලවලින් දත්ත ඇතුළත් කිරීමේ දුර්වලතාවක් පෙන්නුම් කරන බවයි.

මේ හේතුවෙන් ප්‍රාදේශීය වශයෙන් දත්ත ඇතුළත් කිරීමට නිලධාරීන් යොදවන බවත් පැමිණි නිලධාරීන් පවසා සිටියා.

මෙහිදී කමිටුව සඳහන් කළේ අවශ්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් යෙදවීමට ඉක්මනින් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම මේ වන විට මෙම කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව සහ දැනට විසඳා ඇති පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මේ අනුව දැනට විසඳා නොමැති පැමිණිලි සංඛ්‍යාව විසඳීමට ඉක්මනින් කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව 2024 ජනවාරි 24 දින නැවත කෝපා කමිටුවට කැඳවීමට මෙහි දී තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?