2024 T20 ලෝක කුසලානයට උගන්ඩාව සුදුසුකම් ලබයි

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

අප්‍රිකා කලාපයෙන් තරගාවලියට පිවිසෙන කණ්ඩායම් දෙක බවට පත්වී ඇත්තේ නැමීබියාව සහ උගණ්ඩාවයි.

සිම්බාබ්වේ කණඩායමට ද 2024 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා.

ඒ අනුව උගන්ඩාව 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ 20 වැනි කණ්ඩායම බවට පත්වනවා.

T20 ලෝක කුසලාන තරගාවලිය 2024 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානය ද සුදුසුකම් ලැබීමේ වටයේදී අහිමි වීම නිසා පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලානයට පැමිණීමට අවස්ථාව අහිමි වූ සිම්බාබ්වේ කණ්ඩායමට මෙය තවත් ශෝකජනක සිදුවීමක් වනවා.

උගන්ඩාව 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට සමත්වූයේ අප්‍රිකානු අදියරේ අවසන් තරඟ වටයේදී රුවන්ඩාව පරාජය කිරීමෙන්.

සිම්බාබ්වේ කණ්ඩායම නයිජීරියාවට එරෙහිව අවසන් තරගය ජය ගැනීමට බලා සිටින අතර, උගන්ඩාව විසින් රුවන්ඩාව පරාජය කිරීමෙන් පසු සියල්ල අවසන් වුණා.

රුවන්ඩාවට පන්දුවට පහරදීමට තීරණය කර පන්දුවාර 18යි පන්දු 5කදී ලකුණු 65කට දැවී ගිය අතර උගන්ඩාව පන්දුවාර 8යි පන්දු 1කදී තම ඉලක්කය සපුරා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
11
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?