2024 T20 ලෝක කුසලානයට උගන්ඩාව සුදුසුකම් ලබයි

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

අප්‍රිකා කලාපයෙන් තරගාවලියට පිවිසෙන කණ්ඩායම් දෙක බවට පත්වී ඇත්තේ නැමීබියාව සහ උගණ්ඩාවයි.

සිම්බාබ්වේ කණඩායමට ද 2024 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙනවා.

ඒ අනුව උගන්ඩාව 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ 20 වැනි කණ්ඩායම බවට පත්වනවා.

T20 ලෝක කුසලාන තරගාවලිය 2024 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානය ද සුදුසුකම් ලැබීමේ වටයේදී අහිමි වීම නිසා පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලානයට පැමිණීමට අවස්ථාව අහිමි වූ සිම්බාබ්වේ කණ්ඩායමට මෙය තවත් ශෝකජනක සිදුවීමක් වනවා.

උගන්ඩාව 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට සමත්වූයේ අප්‍රිකානු අදියරේ අවසන් තරඟ වටයේදී රුවන්ඩාව පරාජය කිරීමෙන්.

සිම්බාබ්වේ කණ්ඩායම නයිජීරියාවට එරෙහිව අවසන් තරගය ජය ගැනීමට බලා සිටින අතර, උගන්ඩාව විසින් රුවන්ඩාව පරාජය කිරීමෙන් පසු සියල්ල අවසන් වුණා.

රුවන්ඩාවට පන්දුවට පහරදීමට තීරණය කර පන්දුවාර 18යි පන්දු 5කදී ලකුණු 65කට දැවී ගිය අතර උගන්ඩාව පන්දුවාර 8යි පන්දු 1කදී තම ඉලක්කය සපුරා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18