පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබුවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ.

මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා කරුණු ඉදිරිපත් කළා.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන කාලසීමාවේ මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලබන විධානයන්ට අවනතව කටයුතු කිරීමට සියලු රාජ්‍ය සේවකයින් බැඳී සිටින බවයි.

එසේ තිබියදී පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම කළ පසු අමාත්‍ය මණ්ඩලයේ තීරණ මත රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙම චක්‍රලේඛය හරහා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු වලට බාධා පැමිණි බවත් මෙම චක්‍රලේඛයට අනුකූලව කටයුතු නොකරන රජයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් එහි සඳහන්ව තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරනවා.

2023 වසරේ විසර්ජන පනත් කෙටුම්පත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වෙන් කර තිබියදී අදාළ චක්‍රලේඛය නිකුත් කොට මැතිවරණ කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිකුත් නොකිරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සවිකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් වලට පටහැනි බවයි ජනාධිපති නීතිඥවරයා තර්ක කළේ.

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස නව වනදා නියමිත පරිදි නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සදහන් කරමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58