ලක්ෂ 50ක යතුරුපැදි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් වසම් රැසකින් රුපියල් ලක්ෂ පනහකට අධික යතුරුපැදි සොරාගත් පුද්ගලයෙකු යතුරු පැදි 07ක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2130ක් ද පොලිස් භාරයට ගැනුණා.

අප වාර්තාකරු පැවසුවේ; ඉකුත් මාස කිහිපය තුළ නුගේගොඩ, පානදුර, ගල්කිස්ස පොලිස් කොට්ඨාසවල මහමග සහ නිවාස ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදි සොරා ගැනීම් අපරාධ ඉහළ යාම පිළිබඳ වහා සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර වෙත ලබාදුන් උපදෙස් අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සොරකම්, මංකොල්ලකෑම්වලට සම්බන්ධ මෙම සැකකරු වැලිකඩ ප්‍රදේශයේ දී මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී හංවැල්ල, කොස්ගම, මොරන්තුඩුව, වාද්දුව ,ජා ඇළ, කොච්චිකඩේ සහ සීදුව පොලිස් බල ප්‍රදේශවල දී ඉකුත් කාලය පුරා සිදු කළ යතුරුපැදි 07ක සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවයි.

සැකකරුගෙන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් එම යතුරුපැදි ඔරුගොඩවත්ත, කැලණිය, නිකවැරටිය ආදී ප්‍රදේශවලට ඉතා අඩු මුදලට විකුණා තිබිය දී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26