ලක්ෂ 50ක යතුරුපැදි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් වසම් රැසකින් රුපියල් ලක්ෂ පනහකට අධික යතුරුපැදි සොරාගත් පුද්ගලයෙකු යතුරු පැදි 07ක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2130ක් ද පොලිස් භාරයට ගැනුණා.

අප වාර්තාකරු පැවසුවේ; ඉකුත් මාස කිහිපය තුළ නුගේගොඩ, පානදුර, ගල්කිස්ස පොලිස් කොට්ඨාසවල මහමග සහ නිවාස ඉදිරිපිට නතර කර තිබූ යතුරුපැදි සොරා ගැනීම් අපරාධ ඉහළ යාම පිළිබඳ වහා සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර වෙත ලබාදුන් උපදෙස් අනුව එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ දීර්ඝ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සොරකම්, මංකොල්ලකෑම්වලට සම්බන්ධ මෙම සැකකරු වැලිකඩ ප්‍රදේශයේ දී මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී හංවැල්ල, කොස්ගම, මොරන්තුඩුව, වාද්දුව ,ජා ඇළ, කොච්චිකඩේ සහ සීදුව පොලිස් බල ප්‍රදේශවල දී ඉකුත් කාලය පුරා සිදු කළ යතුරුපැදි 07ක සොරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවයි.

සැකකරුගෙන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් එම යතුරුපැදි ඔරුගොඩවත්ත, කැලණිය, නිකවැරටිය ආදී ප්‍රදේශවලට ඉතා අඩු මුදලට විකුණා තිබිය දී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?