පවිත්‍රා හා රංජිත් එක් වී සමනල වැව වනසන බවට චෝදනාවක් (ඡායාරූප)

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇයගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන බලංගොඩ, ඇල්ලෙපොළ රංජිත් පුෂ්පකුමාර එක් වී සමනල වැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීම සඳහා කිලෝමීටර 7 ක් පමණ දිග, අක්කර 20කට වැඩි වනාන්තර තීරයක ශාක කපා ඉවත් කර වනාන්තර එළිපෙහෙළි කිරීම අද වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

මෙම සිදුවීම පිළිබඳ ව අදහස් දක්වමින්; ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සාමාජික සජීව චාමිකර විසිනුයි චෝදනාව එල්ල කර ඇත්තේ.

සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15 ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු කරන බවටයි ලද තොරතුරු අනුව වාර්තා වන්නේ.

ඒ මගින් සමනල වැව ජල පෝෂක වනාන්තරයට දැවැන්ත හානියක් සිදු කර ඇති බවත්; විදුලි වැට ඉදි කිරීම සඳහා නිවැරදි සැලැසුමකින් තොර ව මෙම වනාන්තර එළි කිරීම සිදු කර ඇති බවට ද චෝදනා එල්ල වනවා.

ඒ සඳහා හානි අවම ක්‍රමවේදයක් මත පදනම් ව අනුමැතිය ලබා ගෙන ද නොමැති බවයි පරිසරවේදී චාමිකර වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකොළ මුල්ල හා බලිදු වැව යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙම විදුලි වැට ඉදි කිරීමට යෝජිත වී තිබෙනවා.

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට, දූවිලි ඇල්ල දක්වා අලි සංක්‍රමණය වීමේ දී මෙම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම මෙම විදුලි වැට ඉදි කිරීමේ අරමුණ වී ඇති බවටත් වාර්තා වනවා.

නමුත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස, දූවිලි ඇල්ල දක්වා වලවේ ගඟ දිගේ ගමන් කරන මෙම අලි – ඇතුන් මෙම ගම්මානවලට පිවිසීම වැළැක්වීමට ගම්මාන ආවරණය වන පරිදි කුඩා විදුලි වැටක් ඉදි කර මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට හැකියාව තිබිය දී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී මෙය ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය භාර නිලධාරීන්ගේ සැලැසුමක්, අධීක්ෂණයක් හා මඟ පෙන්වීමක් නොමැති බවටයි චෝදනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

WhatsApp Image 2023 11 28 at 20.20.37 1
WhatsApp Image 2023 11 28 at 20.20.37
WhatsApp Image 2023 11 28 at 20.20.38
WhatsApp Image 2023 11 28 at 20.20.39
WhatsApp Image 2023 11 28 at 20.20.40 1
WhatsApp Image 2023 11 28 at 20.20.40
WhatsApp Image 2023 11 28 at 20.20.41
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16