වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇයගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන බලංගොඩ, ඇල්ලෙපොළ රංජිත් පුෂ්පකුමාර එක් වී සමනල වැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීම සඳහා කිලෝමීටර 7 ක් පමණ දිග, අක්කර 20කට වැඩි වනාන්තර තීරයක ශාක කපා ඉවත් කර වනාන්තර එළිපෙහෙළි කිරීම අද වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.
මෙම සිදුවීම පිළිබඳ ව අදහස් දක්වමින්; ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සාමාජික සජීව චාමිකර විසිනුයි චෝදනාව එල්ල කර ඇත්තේ.
සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15 ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු කරන බවටයි ලද තොරතුරු අනුව වාර්තා වන්නේ.
ඒ මගින් සමනල වැව ජල පෝෂක වනාන්තරයට දැවැන්ත හානියක් සිදු කර ඇති බවත්; විදුලි වැට ඉදි කිරීම සඳහා නිවැරදි සැලැසුමකින් තොර ව මෙම වනාන්තර එළි කිරීම සිදු කර ඇති බවට ද චෝදනා එල්ල වනවා.
ඒ සඳහා හානි අවම ක්‍රමවේදයක් මත පදනම් ව අනුමැතිය ලබා ගෙන ද නොමැති බවයි පරිසරවේදී චාමිකර වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකොළ මුල්ල හා බලිදු වැව යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙම විදුලි වැට ඉදි කිරීමට යෝජිත වී තිබෙනවා.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට, දූවිලි ඇල්ල දක්වා අලි සංක්‍රමණය වීමේ දී මෙම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම මෙම විදුලි වැට ඉදි කිරීමේ අරමුණ වී ඇති බවටත් වාර්තා වනවා.
නමුත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස, දූවිලි ඇල්ල දක්වා වලවේ ගඟ දිගේ ගමන් කරන මෙම අලි – ඇතුන් මෙම ගම්මානවලට පිවිසීම වැළැක්වීමට ගම්මාන ආවරණය වන පරිදි කුඩා විදුලි වැටක් ඉදි කර මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට හැකියාව තිබිය දී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී මෙය ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය භාර නිලධාරීන්ගේ සැලැසුමක්, අධීක්ෂණයක් හා මඟ පෙන්වීමක් නොමැති බවටයි චෝදනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.





















MUNTA UDA DAGENA GIHIN CHANDHE DENA UN THAMA INNAWA. 1994 APU EKEK WATH RATATA MINISSUNTA WEDA KALEYI NAHE. SAHENNA INNE NUGATH UN, PATTA HORU, BEBADHDHDO, GANIKA NIWASA, BAR, DRUG BUSINESS KARANA UN. BAYE PENALA GIHIN ENGLAND WALA HANGILA HITAPU KANAWANDUM GENI PERATHTHA KARALA ADHAGENA AWITH LOKUMA PUTUWALA WADI KARALA PORAK KALA MUSALA SB,DILAN,GLP EDHA ARMBHA KALA WINASAYA UNMA GENAPU MUALAYO DIGATAMA ARAGENA GIHIN RATA BANKOLOTH KALA. HEMA EKEN MA HORAKAMA. MEKATH EHEMAYI, MEKATA COVER WELA WATINA GAS KEE DAHAK KAPUWADHA, OYA PATHI WLA POLOWA UDATH MANIK. OKA HADANA 1998 KALAYE MAMA GIYA. OKA HADUWE JAPANNU. IN MANIK GENA DANNE NAHE. DAM EKA HADANNA GANGA HARAWALA KALUGALA DAKWA PAS KAPUWA. EWA ILLAM PUS, KOTI GANAN WATINA MANIK LABUNA. JAPANA DANNENAHE. HARANAKOTA UDAMA MANIK THIBUNA LU. GALA SODHALA THAMAYI EKA UDA DM EKA HADUWE.