2023 බුකර් ත්‍යාගය ‘ප්‍රොපේත සෝන්ග්’ කෘතියට

2023 බුකර් ත්‍යාගය අයර්ලන්ත කතුවරයෙකු වන පෝල් ලින්ච් විසින් රචිත ‘ප්‍රොපේත සෝන්ග්’ කෘතියට හිමිව තිබෙනවා.

46 හැවිරිදි වියේ පසුවන පෝල් ලින්ච් විසින් බුකර් ත්‍යාගය හිමිකර ගත් පළමු අවස්ථාව ද මෙයයි.

ඒ, අනුව 2023 බුකර් ත්‍යාගය හිමි වූ ලින්ච්ගේ කෘතියට ඊයේ ලන්ඩනයේ පැවති උත්සවයක දී පවුම් 50,000 මුදල් ත්‍යාගය සහ සාහිත්‍ය ත්‍යාගය පිරිනැමූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් අතුරුදහන් වීමට පටන් ගන්නා බිහිසුණු නව ලෝකයක් සමඟ පොරබදමින් සිටින ඩබ්ලින් හි පවුලක කතාව මෙම ග්‍රන්ථයේ වස්තු විෂය වී තිබෙනවා.

සිරියානු යුද්ධයෙන් සහ සරණාගත අර්බුදයෙන් ප්‍රොපේට් සොන්ග් කෘතියට ආභාෂය ලැබූ බව පැවසූ පෝල් ලින්ච්, තමන්ගේ මෙම කෘතිය මාස 18 කට පෙර අවසන් වූ බවයි බුකර් ත්‍යාගය හිමිකර ගැනීමෙන් පසු සඳහන් කළේ.

බුකර් ත්‍යාගය නැවත අයර්ලන්තයට රැගෙන යාම අසීමිත සතුටක් බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.

2023 බුකර් ත්‍යාගය සඳහා The Bee Sting – පෝල් මරේ, Western Lane – චේත්නා මාරු, This Other Eden – පෝල් හාර්ඩින්ග්, If I Survive You – ජොනතන් එසිකොෆරි, Study for Obedience – සාරා බර්න්ස්ටයින් යන කෘතීන් නිර්දේශ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?