ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අභියාචනා භාරගැනීම අද සිට

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අභියාචනා කැඳවීම අද (27) සිට ආරම්භ වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අභියාචනා මාර්ගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවයි.

ඒ සඳහා අද (27) දිනයේ සිට දෙසැම්බර් මස 04 වනදා දක්වා කාලය ලබා දී ඇති බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 16 වනදා නිකුත් කරනු ලැබුවා.