මධ්‍යම පළාත් සභාව මඟින් පාලනයවන වෙලම්බොඩ, වේරවල වත්ත ළමා නිවාසයේ සිටි පිරිමි දරුවෙක් ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 15 හැවිරිදි පිරිමි දරුවක් බවයි වෙලම්බොඩ පොලිසිය සඳහන් කළේ.
අදාළ දරුවා හැටන් අධිකරණය මඟින් මීට දින 17කට පෙර මෙම ළමා නිවාසයයට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.
පසුගිය 25 වනදා පස්වරු හතරත් පහත් අතර කාලය තුළ ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් එල්ලී මෙම දරුවා මියගොස් සිටිය දී හමු වූ බවයි එහි පාලනාධිකාරිය පොලිසිය පවසා ඇත්තේ.
ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මහනුවර අධිකරණය වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ, අනුව මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) දිනයේ සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර මෙලෙස සියදිවි හානිකර ගත් දරුවාගේ කොට්ටය යට තිබී ලිපියක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
“මේ ලියුම මම ලියන්නේ මගේ ගෙදර කට්ටියට, මම හදිසියේ හරි මැරුණොත් දුක් වෙන්න එපා. මගේ ආදරණීය සින්දුටත් කියන්න දුක් වෙන්න එපා කියලා.” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබූ බවයි වාර්තා වන්නේ.
වෙලම්බොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














HEMA RATEMA INNA MAHA AYA KARANNE RATEMA INNA PODI EWUNTASEPASE INNA RATA HADANA EKA. APE RATA MUSALA NAKI PADATHTHARA HATHTHA KARANNE UNGE PODI EWUNTA INNA RATEMA PODI EWUNGE ANAGATHAYA UDURA GANNA EKA. MARILA YANNETH NAHE MUSALA KALAKANNI NAKI PARADTHTHARA BURU HAMPPADA GADHA KUJEETHU HATHIKARAYA.